විපතට පත් ජනතාවට ලබා දීම සඳහා පාකිස්තාන රජයෙන් පරිත්‍යාග කරන ලද මානුෂීය ආධාර අන්තර්ගත බහාලුම් තොගයක් විශේෂ නෞකාවක් මඟින් ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබෙනවා.
ඒ අනුව, එම ආධාර තොගය අද (15) ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් ෆාහීම් උල් අසීස් විසින් කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ දී නිල වශයෙන් ශ්‍රී ලංකා රජයට භාර දී ඇත.
අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක්, කිරිපිටි සහ ප්‍රතිශක්ති වර්ධක ආහාර වර්ග, කූඩාරම්, බ්ලැන්කට්, මදුරු දැල්, ඇඳ ඇතිරිලි, ජල පොම්ප සහ තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක් මෙන්ම, විදුලිය නොමැති කඳවුරුවල හා නිවෙස්වල අවතැන් වී සිටින, ආපදාවට ලක්ව ඇති ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ආලෝක පහන් තොගයක්ද මෙම මානුෂීය ආධාර අතරට අයත් වේ.



