කොටවිල පොලිස් ස්ථානයේ පරිපාලන අංශයේ ස්ථානාධිපතිවරිය ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මියගේ සේවය අත්හිටුවා ඇතැයි නොවැම්බර් 8 වාර්තා සඳහන් කරයි.

මාතර සහ හම්බන්තොට දිසා භාර නියෝජ්‍ය පොලිස්පති චාමික වික්‍රමසිංහ මහතා මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ.

මෝටර් රථයක් මිලදී ගැනීම සහ එහි ලීසිං වාරික ගෙවීම සඳහා යොදාගත් මුදල්වල මූලාශ්‍ර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් පවත්වයි. අදාළ හොන්ඩා වෙසල් රථයද විමර්ශන සඳහා භාරයට ගෙන තිබේ.

බෝගහවත්ත මහත්මිය සහ තවත් සැකකරුවන් සිව්දෙනකු නොවැම්බර් 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා නොවැම්බර් 6 වැනිදා නියෝග කළේය.

විමර්ශන ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් නොවැම්බර් 20 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද සඳහන් වේ.