නොවැම්බර් 12 වැනිදා ‘දිට්වා’ සුළි කුණාටුව සම්බන්ධයෙන් කාලගුණ දෙපාර්තමේන්තුව කිසිඳු අනතුරු ඇඟවීමක් සිදු කර නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඒ අනුව, නොවැම්බර් 12 හෝ ආසන්න දිනයක ලංකාවට බලපෑම් එල්ල කළ “දිට්වා” සුළි කුණාටුව සම්බන්ධයෙන් පුරෝකථනයක් සිදු කර ඇත්නම්, එය ගෙනැවිත් පෙන්වන ලෙස විපක්ෂය ඇතුළු සියලු පාර්ශ්වවලට අභියෝග කරන බව අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.