ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මහනුවර දිස්ත්‍රික්කය සඳහා නිකුත් කර ඇති අවදානම් නිවේදනය, “ගැළවී යෑම” වෙනුවෙන් සකස් කරන ලද එකක් බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසනවා.

ඒ අනුව, එම නාය යෑමේ නිවේදනයට අනුව මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනතුරුදායක මට්ටමක පවතින බව දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමට එක් වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

එසේම, අදාළ නිවේදන නිකුත් කිරීමේ දී පැහැදිලිවම ස්ථාන නම් කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින අතර එසේ නැතහොත් එම නිවේදනයට අනුව මුළු නුවරම වෙනත් ස්ථානයකට ගෙන යෑමට සිදුවන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.