අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය තහවුරු කිරීම සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම ආණ්ඩුවේ ප්‍රමුඛ වගකීමක් බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.
ඊයේ (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත් කිරීම සිදු කරනු ලබන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ, ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය සහ ජනාධිපතිවරයාගේ ක්‍රියාමාර්ග මත බවයි. පවතින පුරප්පාඩු පිරවීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසීය.
පසුගිය ආණ්ඩු සමයේ මෙන් දේශපාලන හිතවත්කම් මත අධිකරණ පත්කිරීම් සිදු නොවන බවත්, අධිකරණයේ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් නොකරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පවතින නමුත්, අවසන් තීරණයක් ගත් පසු ඒ පිළිබඳ නිල වශයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කරන බවද ඔහු සඳහන් කළේය.
නඩු විභාග ක්‍රියාවලිය වේගවත් කිරීම, අධිකරණ පද්ධතිය කාර්යක්ෂම කිරීම සහ නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීම ජනතාවට ලබාදුන් ප්‍රධාන පොරොන්දු අතර වන බවත්, එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන බවත් අමාත්‍ය හර්ෂණ නානායක්කාර වැඩිදුරටත් ප්‍රකාශ කළේය.





