අධිකරණ පද්ධතියේ පුරප්පාඩු සම්බන්ධයෙන් විපක්ෂය පෙන්වන උනන්දුවේ සැබෑ හේතුව පුරප්පාඩු නොව, අධිකරණයෙන් නිකුත් වන නඩු තීන්දු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.
අද (23) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, අධිකරණ පුරප්පාඩු පිරවීම ප්‍රමාද වීම පිළිබඳ විපක්ෂය විශේෂ විවාදයක් ඉල්ලා සිටියද, ඔවුන්ගේ සැබෑ කලබලය පවතින්නේ දිනපතා නඩු විභාග පැවැත්වීම සහ තීන්දු ප්‍රකාශයට පත්වීම හේතුවෙන් බවයි.
රාජ්‍ය සේවය, පොලීසිය, ආරක්ෂක අංශ, විශ්වවිද්‍යාල සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර ඇතුළු බොහෝ අංශවල පුරප්පාඩු පවතින බව පෙන්වා දුන් ඔහු, එම පුරප්පාඩු ක්‍රමානුකූලව පුරවමින් සිටින බවද සඳහන් කළේය.
“අධිකරණය සහ නීතිපති දෙපාර්තමේන්තුව ජනතාවගේ විශ්වාසය යළි ගොඩනඟන ආකාරයෙන් තම සේවාවන් ඉටු කරමින් සිටිනවා. ඒ පිළිබඳව රජයක් ලෙස අපි ඔවුන්ට ස්තූතිවන්ත විය යුතුයි,” යැයි අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘Webnews’ youtube නාලිකාවෙන් නරඹන්න.>>>>>>>>





