අද දින පැවති දුම්රිය වැඩ වර්ජනය පිළිබඳව අදහස් දක්වමින් දුම්රිය රියදුරු සංගමය ප්රකාශ කරන ලද්දේ මෙය වර්තමාන කාලයේ ක්රියාත්මක වූ අසාර්ථකම දුම්රිය වැඩවර්ජනය බවය.
සංගමය සඳහන් කරන ලද්දේ වැඩවර්ජනය හේතුවෙන් සාමාන්ය ජනතාව විශාල අපහසුතාවකට පත්වූ බවට තමන් විශ්වාස නොකරන බවය.
වෘත්තීය සමිති නායකයන්ගේ පටු පුද්ගලික අරමුණු මෙම වර්ජනයට බලපා ඇති බවටද ඔවුන් චෝදනා කළේය.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තීය ක්රියාමාර්ගය හේතුවෙන් ප්රවේශපත්ර නිකුත් කිරීමේ ගැටලු සහ මූල්ය පාඩු ඇතිවිය හැකි නමුත්, මගීන්ට ප්රවේශ යෙදුම හරහා ප්රවේශපත්ර ලබාගත හැකි බවද ඔවුන් සඳහන් කළේය.
දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට සිදුවූයේ රියදුරු හිඟයක් නිසා නොව, තාක්ෂණික දෝෂ සහ දුම්රිය මාර්ගවල ආරක්ෂාව තහවුරු කර ගැනීමේ අවශ්යතාව හේතුවෙන් බවද,
කාර්යාල දුම්රිය සේවාද සාමාන්ය පරිදි ක්රියාත්මක වන බවත් ඔවුන් සඳහන් කළේය.
දුම්රිය රියදුරන්ගේ කිසිදු හිඟයක් නොමැති බැවින් බලධාරීන්ට අවශ්ය නම් අවලංගු කර ඇති දුම්රියද ධාවනය කළ හැකි බව දුම්රිය රියදුරු සංගමය වැඩිදුරටත් පැවසීය.
සම්පූර්ණ ප්රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>




