පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කළු ගඟ, නිල්වලා ගඟ, ගිං ගඟ, වලවේ ගඟ සහ කුඩා ගඟ යන ගංගාවල මෙන්ම අත්තනගලුඔයේ ද ජල මට්ටම මේ වන විට ඉහළ යමින් තිබේ.

ගිං ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා බද්දේගම, තවලම, නාගොඩ සහ වැලිවිටිය – දිවිතුර යන ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

පවතින වර්ෂා තත්ත්වයත් සමඟ අදාළ ජල මට්ටම් සහ ගංවතුර අවදානම් පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැඩි අවධානයෙන් යුතුව නිරීක්ෂණය කරමින් සිටී.