ජනාධිපති අනුර කුමාර දිසානායක

ජාතිවාදී දේශපාලනය කිසිවිටෙකත් පොදු ජනතාවට සේවයක් සපයා නොමැති බවත්, එය හුදෙක් දේශපාලනඥයින්ගේ මෙවලමක් පමණක් වන බව ද කොතැනක හෝ කුමන ආකාරයකින් එවැනි ජාතිවාදී දේශපාලනයක් පැනනඟින්නේ නම් ජනතාව එය ප්‍රතික්ෂේප කරනු ඇතැයි තමා විශ්වාස කරන බව පුදුකුඩුඉරිප්පු නගරයේදී පැවැත් වූ උතුරේ පොල් ත්‍රිකෝණය දියත් කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියේය.

පසුගිය මැතිවරණයේ දී රටේ ජනතාව එම තත්ත්වය පරාජයට පත්කළ බවත්, අද වනවිට යුද්ධයක් පිළිබඳ අනියත බියක් නිරන්තරයෙන් ගොඩනඟමින් දකුණේ දේශපාලනයක් ක්‍රියාත්මක වෙමින් ඇති බවද  සඳහන් කළ ජනාධිපතිවරයා, ආණ්ඩුව සෑමවිටම ජාතිවාදී ගැටුමක් ඇති නොවීමට කටයුතු කරමින් සිටින බවත්, ඒ සඳහා ඉතාම තීරණාත්මක තීන්දු තීරණ ගැනීමට කිසිවිටෙකත් බිය නොවන බවත් පැවසීය.