අමාත්‍ය බිමල් රත්නායක.

රජය සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර මෙ බස් නැවතුම්පොළ සම්පූර්ණ කර ජනතාවට භාරදීමට සූදානම්ව සිටී. මෙය සරල බස් නැවතුම් තැනක් නොව, මගීන්ට විවේක ගත හැකි, ආරක්ෂිතව බෑග් තබාගත හැකි සහ දුම්රිය, ගුවන්තොටුපල තොරතුරු ලබාගත හැකි සම්පූර්ණ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කෙරේ.

රියදුරු සහ කොන්දොස්තර සඳහා නවීන විවේකාගාරද සැලසීමට යෝජිතය. මේ මගින් කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන පිහිටුවා, බස්, දුම්රිය හා ටැක්සි සේවාවන් එකම තැනකින් ලබාදීමේ අරමුණ සම්පූර්ණ කරගැනීමට බලාපොරොත්තු වේ.

2026 වන විට අවම වශයෙන් මධ්‍යස්ථාන 50ක් පමණ ඉදිකිරීමත් මෙම සැලැස්මට ඇතුළත්ය.

වැඩිදුර විස්තර සඳහා >>>>>>>