නලින්ද ජයතිස්ස.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ මෙම වසර තුළ තැපැල් සේවාවේ නවීකරණය සඳහා රුපියල් මිලියන 2,085ක් වෙන් කර ඇති බවයි.

එමගින් බලපිටිය නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 12.22ක් වෙන් කර ඇති අතර, වසර අවසන් වන තෙක් ඉදිකිරීම් සම්පූර්ණ කිරීමට නියමිතය. තවද, ලොරි රථ මිලදී ගැනීමට රුපියල් මිලියන 250ක්, කැබ් රථ සඳහා රුපියල් මිලියන 320ක්, උප තැපැල් කාර්යාල නවීකරණය සඳහා ටැබ් පරිගණක 1,500ක් මිලදී ගැනීමට රුපියල් මිලියන 180ක්, පරිගණක 225ක් සඳහා රුපියල් මිලියන 75ක් සහ පුනර්ජනනීය සූර්ය බලශක්තිය ලබා දීමට රුපියල් මිලියන 40ක් වෙන් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.