මාතර දිස්ත්‍රික් ප්‍රජා ශක්ති – ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන් අමතමින් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතා ගම පොහොසත් කිරීම සඳහා සියළු දෙනාට එකතුවෙන ලෙස ඇරයුම් කරන ලදී.
ඒ පසුගිය 23 වනදා රුහුණ විශ්වවිද්‍යාලයීය රබීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවණාගාරයේ පැවති මාතර දිස්ත්‍රික් ප්‍රජා සංවර්ධන සභා ලේකම්වරු හා සභාපතිවරු දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගිවෙමිනි.

දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ” ප්‍රජා ශක්ති ” වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය හා ඒ යටතේ 14007ක් වන දිවයිනේ සියළුම ග්‍රාම සේවා වසම් තුල පිහිටුවන ප්‍රජා සංවර්ධන සභා නියෝජනය කරන සියළුම නියෝජිතයන්ට පැවරෙන වගකීම් හා කාර්යභාරය පිළිබඳව එහිදී දීර්ඝලෙස දැනුවත් කරන ලදි.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාශය මගින් දිවයිනේ සියළුම ප්‍රජා සංවර්ධන සභාවන්හි ලේකම්වරු හා සභාපතිවරු දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක කර ඇත.

මෙම අවස්ථාවට හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල් රජ මහත්මිය, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන සම්මානිත මහාචාර්ය එම්.එල් අඹේවික්‍රම මහතා, අජන්ත ගමමැද්දගේ මහතා, ලාල් ප්‍රේමනාත් මහතා, ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් ( සංවර්ධන පරිපාලන ) කපිල ගුණරත්න මහතා, මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා, මාතර නගරාධිපති නීතීඥ ජයන්ත පතිරණ මහතා සහ ග්‍රාමීය සංවර්ධන කාර්යංශයේ නිළධාරී මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.