පොළොන්නරුවේ ගං වතුර සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳව අමාත්‍ය එරංග ගුණසේකර මහතා ප්‍රකාශ කරන ලද්දේ අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් අනුකමිටුවක් කැඳවා ගං වතුරේ ගැටලු විසඳීමට තීරණ ගත් බවයි.

එම තීරණ අනුව ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 10කට වැඩි මුදලක් වෙන් කර තිබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රධාන ඇළ මාර්ග හතර පළල් කරමින් දෙපස සංරක්ෂණය සහ ගොඩනගා ගැනීම සිදු කරන අතර, පාලම් 50කට වැඩි සංඛ්‍යාවක් නවීකරණය කිරීමටත් සැලසුම් කර ඇත.

අමාත්‍යවරයා අවධාරණය කළේ ගොඩනගා ඇති ගෙවල් හා ඉඩම් නිසා ජලය රඳවන්න තැන් නොමැතිවීම දැඩි ගැටලුවක් බවත්, එය විසඳීමට තටාක නිර්මාණය අත්‍යවශ්‍ය බවත්ය.

ඔහු තවදුරටත් පැවසීය, මෙම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා ජනතාවගේ සහභාගීත්වය අත්‍යවශ්‍ය බවත්, නිලධාරීන්ගේ වගකීම පමණක් නොව ජනතාවගේ වගකීමද මෙහි අත්‍යවශ්‍ය බවත්ය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>