මෙරට තේ ක්ෂේත්‍රයේ ජාතික ඉලක්ක සපුරාලීම සහ කුඩා තේ වතු කර්මාන්තය වඩාත් කාර්යක්ෂම මට්ටමකට ගෙන ඒමේ අරමුණින්, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියට තේ පරීක්ෂක හා ව්‍යාප්ති නිලධාරීන් 25 දෙනෙකු බඳවා ගැනීම අද (25) සිදු කෙරිණි.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවති මෙම අවස්ථාවට අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ද එක්විය.

2019 වසරෙන් පසු, එනම් වසර 7කට ආසන්න කාලයකින් පසුව කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ පුරප්පාඩු රැසක් එකවර පිරවූ පළමු අවස්ථාව මෙය බව අමාත්‍යාංශය සඳහන් කරයි.

නව නිලධාරීන් ගාල්ල, මාතර, රත්නපුර, මහනුවර, නුවරඑළිය, ඌව සහ කෑගල්ල ඇතුළු දිස්ත්‍රික්කවල කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාල වෙත අනුයුක්ත කිරීමට පියවර ගෙන තිබේ.

මෙම බඳවා ගැනීම මඟින් දිගු කලක් පැවති නිලධාරී හිඟයට විසඳුමක් ලබාදෙමින් කුඩා තේ වතු ක්ෂේත්‍රයේ සේවා කටයුතු තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.