කාන්තාවන් ආරක්ෂා කිරීමට නීතියට වඩා සමාජ ආකල්ප වෙනස වැදගත් බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් කාන්තාවන් පමණක් නොව සෑම පිරිමියෙකුම පෙනී සිටිය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
කාන්තාවන් රැකියා ස්ථානයේදී මෙන්ම සමාජය තුළදීද විවිධ ගැටලුවලට මුහුණ දෙන අතර, ලිංගික හිංසනය සහ ගෘහස්ථ හිංසනයටද ගොදුරු වන බව සඳහන් කළ අමාත්‍යවරයා
කාන්තාවන්ට ගෘහස්ථ හිංසනය කිරීම පිරිමිකමක් නොව දුර්වල පිරිමින්ගේ හැසිරීමක් ලෙස සමාජය තුළ මතයක් ඇති කළ යුතු බවද අවධාරණය කරන ලදී.
එමෙන්ම, කාන්තාවන්ට එරෙහි හිංසනය පිළිබඳව දරුවන්ට කුඩා කල සිටම නිවැරදි ආකල්ප ලබාදීම දෙමාපියන්ගේ වගකීමක් බවද ඔහු සඳහන් කළේය.
කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය නීතිමය රාමුව සකස් කළද, එම සටන එතැනින් අවසන් නොවන බව පැවසූ අමාත්‍යවරයා, සමාජයේ ආකල්ප වෙනස් කළහොත් නීතියට වඩා වැඩි ආරක්ෂාවක් කාන්තාවන්ට සමාජය තුළින්ම ලබාගත හැකි බවද වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





