කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩු පාර්ශ්වය සහ විපක්ෂය අතර මතභේදය තවදුරටත් පවතී.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ යෝජනාවේ ඇතැම් වගන්ති වෙනස් කළහොත් පමණක් විවාදයට අවස්ථාව ලබාදෙන බව දැනුම් දී ඇති බවයි. විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීම සහ එහි අන්තර්ගතය තීරණය කිරීම විපක්ෂයේ අයිතියක් බව ඔහු අවධාරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් නොවැම්බර් 6 වැනිදා පාර්ලිමේන්තුවට කරුණු දැක්වූ නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා පැවසුවේ, අධිකරණය හමුවේ විභාග වන කරුණුවලට අදාළ කොටස් ඉවත් කර සංශෝධිත යෝජනාවක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී තිබූ බවයි.
එහෙත් නියමිත කාලය තුළ සංශෝධිත යෝජනාවක් ඉදිරිපත් කර නොමැති බව ඔහු සඳහන් කළේය. යෝජනාව විවාදයට නොගැනීම සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ වරප්‍රසාද ප්‍රශ්න පහක්ද ප්‍රතික්ෂේප කර තිබේ.
නොවැම්බර් 8 උදෑසන වනවිට යෝජනාව විවාදයට ගැනීම සඳහා නව දිනයක් ස්ථිර කළ බවට තහවුරු කළ තොරතුරක් නොමැත.




