දෙනියාය බෙවරලිය ප්රදේශයේ දොළක දියනාමින් සිටියදී ජල පහරට හසුවූ පුද්ගලයන් සිව්දෙනකු නොවැම්බර් 7 වැනිදා පස්වරුවේ අතුරුදන්ව තිබේ. තවත් දෙදෙනකු මුදාගෙන රෝහල්ගත කර ඇත.
පොලිසිය සඳහන් කළේ නුගේගොඩ ප්රදේශයෙන් විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් මෙම අනතුරට මුහුණ දී ඇති බවයි.
සිංහරාජ ප්රදේශයට ඇදහැලුණු වැසි සමඟ දොළේ ජල මට්ටම හදිසියේ ඉහළ යෑමෙන් පිරිස ජල පහරට හසුව ඇති බව පොලිසිය පවසයි.
අතුරුදන් වූවන් සොයා පොලිසිය ප්රදේශවාසීන්ගේ සහායෙන් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ. ඔවුන් සොයාගත් බවට හෝ මරණ තහවුරු වූ බවට වැඩිදුර තොරතුරු මෙම වාර්තාව සකස් කරන අවස්ථාව වනවිට තහවුරු වී නොමැත.




