කටුගහහේන ප්‍රාදේශීය රෝහලේ නවීකරණය කරන ලද භික්ෂු වාට්ටුව හා ළමා වාට්ටුව ජනනා අයිතියට පත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) සිදු කරන ලදී.
මාස 06 ක් වැනි කාලයක් තුළ රජයේ අරමුදල් යටතේ ඉදිකරන ලද රුපියල් ලක්ෂ 125 ක සංවර්ධන ව්‍යාපෘති මෙලෙස ජනතා අයිතියට පත් කෙරිණි.
ජනතා අයිතියට පත් කළ සංවර්ධන ව්‍යාපෘති සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ද මෙහීදී ලක් වු අතර, පෙර රජයන් ආරම්භ කර අතරමඟ නැවතී තිබු ව්‍යාපෘති ද වඩා හොදින් ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය කටයුතු කර ඇති බවත්, රජයක් විසින් ආරම්භ කරන සංවර්ධන ව්‍යාපෘති අතර මග නතර නොවී කුමන පාර්ශවයක් බලයට පැමිණිය ද අඛණ්ඩව ක්‍රියාත්මක කිරිමේ අවශ්‍යතාවය ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දෙන ලදි.
රජය ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව රාජ්‍ය නිලධාරීන්ට නිවැරදි දැක්මක් ඇති බැවින් රජය රෝහල් සංවර්ධනය සඳහා රාජ්‍ය නිලධාරින් හරහා යොදවනූ ලබන මුදල් කිසිදු අවභාවිතයකින් තොරව රටේ සෞඛ්‍ය පිළිබඳව හොද දැක්මක් සහ අවබෝධයක් සහිතව එම සංවර්ධන කටයුතු සඳහාම යෙදවෙන බව සහතිකව ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදී.







