මහනුවර නගරය සඳහා ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති ජාතික සැලැස්මකට අනුව සිදුකරන බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, මහනුවර නගරයට ප්‍රවේශ වන ප්‍රධාන මාර්ග තුන ඇතුළු මාර්ග, බෝක්කු සහ උමං මාර්ග සංවර්ධන කටයුතු සැලසුම්ගත ආකාරයෙන් ක්‍රියාත්මක වන බවයි.
මෙම ව්‍යාපෘතිවල ප්රතිලාභ මෙම වසර අවසානයේ සිට ජනතාවට ලබාගත හැකි බවත්, මහියාව උමග සහ දිට්ව උමග වැනි ව්‍යාපෘති එම කාලය තුළ අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය.
එමෙන්ම ලබන වසර වනවිට තවත් මාර්ග කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමට හැකි වනු ඇති බවත්, ලුවී පීරිස් මාවත වැනි මාර්ග සංවර්ධන කටයුතුද ඉදිරියේදී අවසන් කිරීමට නියමිත බවත් සඳහන් කළේය.
ඉදිරි වසර දෙක තුන තුළ මහනුවර නගරයේ මීට පෙර නොවූ විශාල භෞතික සංවර්ධනයක් දැකගත හැකි වනු ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.





