“උප්පැන්න සහතික නැති ළමයින් පාසල් ගන්න බැහැ කියලා කිසිවෙකුට කියන්න බැහැ. ඔවුන්ටත් පන්තිකාමරයක ඉන්න අයිතිය තියෙනවා”

මෙසේ අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කරන ලද්දේ උප්පැන්න සහතික නොමැති ළමුන් හට පාසල් අයිතිය අහෝසි කළ නොහැකි බවත්, සියලුම ළමයින්ට අධ්‍යාපනය ලබාගැනීමේ අයිතිය පිළිගත යුතු බවයි.

ඇය අවධාරණය කරන ලද්දේ, රජිස්ටර් ජෙනරල් දෙපාර්තමේන්තුව මගින් උප්පැන්න ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක වන තුරු, එම සහතික නොමැති ළමයින්ට පාසල් ඇතුළත් කිරීමට කිසිදු බාධාවක් නොවිය යුතු බවයි.

අමාත්‍යවරිය ප්‍රකාශ කරන ලද්දේ, සියලු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට දැනුම් දී ඇති බවත්, උප්පැන්න සහතික නොමැති ළමයින්ටත් අදාළ වයස් කාණ්ඩ අනුව පාසල් ඇතුළත් කිරීමට කටයුතු කළ යුතු බවත්ය.

එසේම පාසල් සහ පන්තිකාමර තුළ රැඳීමට ඇති අයිතිය උප්පැන්න සහතිකය මත පදනම් නොවන බවත්, ළමයින්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීම රජයේ ප්‍රමුඛ වගකීමක් බවත් එතුමිය වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>