Lanka Hospitals PLC විසින් සංවිධානය කරන ලද “Pulse Of Excellence” සම්මාන උත්සවය පසුගිය (26) දින පැවැත්වුණි.

මෙහිදී සහභාගී වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ, ආර්ථිකය ස්ථාවර කිරීමේ ගමන සරල මාර්ගයක් නොවන අතර බාහිර සහ අභ්‍යන්තර කම්පනයන්ට මුහුණ දීමට සිදුවන බවයි.

ඔහු පැහැදිලි කරන ලද්දේ, පසුගිය නොවැම්බර් මාසයේදී රුපියල් බිලියන 500ක සුලිකුනාටුවක් වෙන් කිරීමට සිදු වූ බවත්, තවමත් ලෝකයේ නොවිසඳුනු තත්ත්වයන් මැද ශ්‍රී ලංකාව තෙල් ආනයනක රටක් ලෙස විශේෂයෙන්ම බලපෑම් විඳින බවත්ය.

අමාත්‍යවරයා අවධාරණය කළේ, ජනතාවට අධික බරක් නොපටවමින් රජය සහ සමාගම් සමහරක් ඒ බර දරාගෙන, අවමය වැඩි කරමින් කටයුතු කරන බවයි. ඊට බලපෑමක් ඩොලර් අගයට තිබුණත්, ඒවා යම් පමණක් නිරාකරණය කරගෙන ඇති බවද සඳහන් කළේය.