“දිට්වා” සුළි කුණාටුව සමඟ හටගත් අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 643 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව මේ වනවිට තවත් පුද්ගලයින් 184 ක් අතුරුදන්ව සිටින බව සිය දෛනික වාර්තාව නිකුත් කරමින් එම මධ්‍යස්ථානය සඳහන් කර තිබේ.

එසේම පවුල් 391,401 කට අයත් 1,364,481 දෙනෙක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව ඇත.