2027 මුදල් වර්ෂය සඳහා වන අයවැය ලේඛනයේ ජනාධිපති වැය ශීර්ෂය යටතේ හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් වෙන් කර ඇත්තේ රුපියල් මිලියන 34ක මුදලක් පමණක් බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.
අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ජනාධිපති වැය ශීර්ෂය යටතේ වෙන් කර ඇති විශාලතම මූල්‍ය ප්රතිපාදනය වන රුපියල් මිලියන 6,500ක මුදල ‘Clean Sri Lanka’ ජාතික වැඩසටහන සඳහා වෙන් කර ඇති බවය.
පෙර පැවති ක්‍රමවේදයන්ට වෙනස්ව, මෙවර ජනාධිපතිවරයා සිය පෞද්ගලික පවුලේ සාමාජිකයන්, හිතවතුන් හෝ දේශපාලන පක්ෂ නඩත්තුව වෙනුවෙන් ජනතා බදු මුදලින් කිසිදු මුදලක් වෙන් කර නොමැති බවද අමාත්‍ය ආනන්ද විජේපාල එහිදී අවධාරණය කර ඇත.



