ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් පුරවැසියන් සඳහා අරමුදල් රැස් කිරීමේ ක්‍රියාවලිය යටතේ මේ වන විට රුපියල් මිලියන 3,421ක් ඉක්මවූ මුදල් ප්‍රමාණයක් ලැබී ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසනවා.
මෙම ආධාර මුදල් පරිත්‍යාග කර ඇත්තේ ලෝකය පුරා රටවල් 40ක සිටින පුරවැසියන්, ශ්‍රී ලාංකිකයින් සහ ශ්‍රී ලාංකික සහ විදෙස් ආයතන වන බව මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කර සිටියා.






