විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් සංවිධාන කරන ලද ආපදාවන්ට එරෙහිව විද්‍යාව: දේශගුණික විපර්යාස හා බැඳී ආපදා සූදානම ශක්තිමත් කිරීමේ ආයතනික පර්යේෂණ අවශ්‍යතා ඇගයීමේ ජාතික වැඩසටහන එළි දැක්වීම ඊයේ දිනයේ (14) විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

දේශගුණික ආතති පරීක්ෂණයක් ලෙස රට මුහුණ දුන් ආසන්නතම සහ විශාලතම ස්වාභාවික ආපදාව වන ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම ඔස්සේ ලද අත්දැකීම් තේමා කොට ගනිමින් රටේ ඉදිරි ආරක්ෂාව වෙනුවෙන් විද්‍යාත්මක පර්යේෂණ, තාක්ෂණික සංවර්ධනය සහ ප්‍රතිපත්ති සම්පාදනය සඳහා වූ ප්‍රායෝගික ජාතික වේදිකාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් මෙම ජාතික වැඩසටහන සැළසුම් කර තිබේ.

මෙහිදී එම ආපදා ආපදා කාලසීමාවේදී මුහුණ දුන් මෙහෙයුම් අභියෝග සහ විනාශකාරී බලපෑම් පිළිබඳ විමර්ශනාත්මක විශ්ලේෂණයන්ද සුළි කුණාටුව මගින් ඉහල බලපෑමකට ලක්වූ නුවරඑළිය, මහනුවර, කෑගල්ල සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ලේකම්වරු විසින් ක්ෂේත්‍ර මට්ටමේ මෙහෙයුම් අත්දැකීම් විස්තර කරන ලදී.

මින් ඉදිරියට එවැනි ආපදා අවස්ථාවකදී පූර්ව සූදානමක් තුළින් ජීවිත හා දේපල හානි අවම කරගැනීම පිළිබඳවත් ඒ සඳහා වූ ආයතනික අවශ්‍යතා පිළිබඳවත් මෙහිදී අදහස් ඉදිරිපත් කරන ලදී.