අලුත් අවුරුදු උත්සව සමයේදී රිය අනතුරු ඉහළ යාම පිළිබඳව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා විශේෂ අවධානයක් යොමු කර තිබේ.
අමාත්‍යවරයා සඳහන් කළේ, උත්සව සමයේ ජනතාවගේ ගමනාගමන වැඩිවීමත් සමඟ රථවාහන තදබදය ඉහළ යාම සහ රියදුරන්ගේ නොසැලකිලිමත් හැසිරීම හේතුවෙන් අනතුරු සිදුවීමේ අවදානම තවදුරටත් වැඩිවන බවයි.
විශේෂයෙන් බීමත්ව රිය ධාවනය කිරීම, වේග සීමා උල්ලංඝනය කිරීම සහ මාර්ග නීති නොසලකා හැරීම අනතුරු සඳහා ප්‍රධාන හේතු ලෙස ඔහු අවධාරණය කළේය.
මෙම තත්ත්වය හමුවේ, පොලීසිය විසින් විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දීමටත් තීරණය කර තිබේ. එමඟින් හදිසි අනතුරු පිළිබඳ වාර්තා කිරීමටත්, මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන් සහ අපරික්ෂාකාරී රිය ධාවනය සම්බන්ධ වීඩියෝ සාක්ෂි යොමු කිරීමටත් ජනතාවට අවස්ථාව සැලසේ.
අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ, උත්සව සමයේ තමන්ගේත් අනෙක් පාර්ශ්වයේත් ජීවිත ආරක්ෂා කිරීම සඳහා වගකීම් සහිතව රිය ධාවනය කිරීමට කටයුතු කරන ලෙසයි.
මාර්ග නීති පිළිපදිමින් සහ බීමත්ව රිය ධාවනයෙන් වැළකී සිටීම මගින් අනතුරු අවම කළ හැකි බවද ඔහු අවධාරණය කළේය.





