අනුරාධපුර දිස්ත්‍රික් ” ප්‍රජා ශක්ති ” කමිටු නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහන ඊයේ (13) දින අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

මෙහිදී අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පවසන ලද්දේ නිදහස ලැබීමටත් පෙර නිදහස් අධ්‍යාපනය තිබූ රටක් නමුත් එමඟින් නිසි ප්‍රයෝජන ලැබීමට නොහැකි වූ බහුතරයක් ජනතාව මෙරට සිටින බවයි.

එබැවින් ලොවෙහි විද්‍යාත්මක දැනුම, නවීන තාක්ෂණය මෙන්ම සමාජයේ සංස්කෘතික හර වටිනාකම් හා සාරධර්ම සමඟ මිශ්‍ර වූ නව මානවයෙකු බිහි කිරීමට අවශ්‍ය බවත් ඒ සඳහා සමාජ සජීවීකරණය ලෙස සංකල්පයක් ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය මඟින් ඉදිරිපත් කර ඇති බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකශ කරන ලදී.

එම ප්‍රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් නරඹන්න >>>>>>>>>