”මහ මැතිවරණයයි, ජනාධිපතිවරණයයි ඇතුලේ අපිට මොනවද නොකිව්වේ?… අපි ආවොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නමය ඉවරයි. බුද්ධාගම ඉවරයි කියලා කිව්වේ…”

අමාත්‍ය සුනිල් වටගල ඊයේ (06) දින පාර්ලිමේන්තු සැසි වාරයේදී විදහා දැක්වූයේ ජාතික ජන බලවේගය බලයට පත් වුවහොත් බුදුදහම නොසලකා හරීවි යැයි පැවසූ උදවියට එය එසේ නොවන බව වර්තමානයේදී ප්‍රායෝගිකව පෙන්වා ඇති බවයි.

පසුගිය වසරේ දළදා ප්‍රදර්ශනය පැවැත්වීම , මිහින්තලේ හාමුදුරුවෝ හට පෙරහැර පැවැත්වීමට නොහැකිව සිටින විට ජනපති මැදිහත් වී පෙරහැර පැවැත්වීම හා මෙම දින වල ජනාධිපති හා ඉන්දීය අග්‍රාමාත්‍යවරයන් රාජ්‍යතාන්ත්‍රිකව සාකච්ඡා කොට සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවීම ආදී අවස්ථාවන්ද සඳහන් කරමින් එතුමා විමසන ලද්දේ ආණ්ඩුව බුදු දහමට හා අනෙකුත් ආගම්වලට විරුද්ධව ක්‍රියා කළ එක් අවස්ථාවක් හෝ පවසන ලෙසයි.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් නැරඹිය හැක >>>>>>