කවුරුන් කුමක් ප්‍රකාශ කළත් රජයට වාහන සංචිතයක් අවශ්‍ය අතර රජයේ වාහන සංචිතය අලුත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අනුව, ආපදාව පැමිණි විට, වාහන ගෙන ඒම නතර කර ආපදාවට මුදල් යොදවන ලෙස ඇතැම් අය ප්‍රකාශ කළ අතර එලෙස සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව සහ ආපදාවට වියදම් කිරීමට මෙන්ම වාහන ගෙන ඒමට ද රජයට මුදල් ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.