රජයට හිමි ආදායම් එක්රැස් කර ගැනීමට ප්‍රයත්න දැරිය යුතු බවද රට තුළ ආර්ථික සහ සමාජ ස්ථාවරත්වය ගොඩනැගීමේදී රාජ්‍ය ආදායම් උපයා දෙන ප්‍රධාන ආයතනවලට විශාල වගකීමක් පැවරී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
සුරාබදු දෙපාර්තමේන්තුවේ 2025 වසරේ ප්‍රගතිය සහ 2026 වසරේ අපේක්ෂිත ඉලක්ක පිළිබඳ සොයා බැලීමට එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග හමුවකට ඊයේ (30) පස්වරුවේ එම දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.
2025 වසරේ සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් ඉලක්කය වූ රුපියල් බිලියන 227.4 අභිබවා යමින් රුපියල් බිලියන 231.3ක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට නියමිත අතර, එය ඉතිහාසයේ පළමු වතාවට 102% ක ආදායම් ඉලක්ක සපුරා ගැනීමක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර තිබෙනවා.
රටේ ආර්ථිකය රඳා පවතින්නේ රාජ්‍ය ආදායම් කොපමණ ප්‍රමාණයක් උපයා ගන්නවාද යන සාධකය මත බව සඳහන් කළ ජනාධිපතිවරයා, රාජ්‍ය ආදායම බිඳ වැටුණහොත් රටේ ආර්ථිකය බිඳ වැටෙන බවද 2020-2021 වසරවල රාජ්‍ය ආදායම විශාල වශයෙන් බිඳ වැටීමේ ප්‍රතිවිපාකවලට රටට මුහුණ දීමට සිදු වූ බව සඳහන් කර තිබෙනවා.






