අද (24) දින පැවති ජාත්‍යන්තර සමුළුවේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාරිනී හරිනි අමරසූරිය ප්‍රකාශ කරන ලද්දේ ශ්‍රී ලංකාවේ තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු (TVET) පද්ධතියේ පරිවර්තනය ජාතික ප්‍රමුඛතාවයක් බවය.
මෙම සමුළුව “දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සහ හරිත රැකියා සඳහා TVET පද්ධති පරිවර්තනය කිරීම” යන මාතෘකාව යටතේ පිලිපීනයේ Colombo Plan මාණ්ඩලික විද්‍යාලය විසින් සංවිධානය කර ඇති අතර, CPSC සාමාජික රටවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මාර්තු 23 සිට 27 දක්වා පැවැත්වේ.
තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපන පද්ධතියේ ශක්තිමත් කිරීම මඟින් දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන, තිරසාර සහ හරිත අනාගතයක් කරා ගමන් කිරීමට අවශ්‍ය ප්‍රායෝගික හා අනාගත දැක්මක් ඇති පුද්ගලයින් ගොඩනගා ගත හැකි බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කරන ලදී.
එතුමිය තවදුරටත් අවධාරණය කරන ලද්දේ, අධ්‍යාපනය දැනුම බෙදා දීම සඳහා පමණක් නොව, නව අවස්ථා ලබා දෙන සහ සමාජයට අර්ථවත් දායකත්වය ලබා දිය හැකි පිරිසක් ගොඩනගන අවකාශයක් විය යුතු බවයි.







