ශ්‍රී ලංකාවේ වී නිෂ්පාදනය මේ වනවිට රටේ අවශ්‍යතාව සපුරාලිය හැකි මට්ටමකට පැමිණ ඇති අතර, ඉදිරියේදී අතිරේක භෝග වගාවන් ප්‍රවර්ධනය කිරීම කෙරෙහි රජය වැඩි අවධානයක් යොමු කර ඇති බව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසන ලදී.

ඔහු සඳහන් කරන ලද්දේ බඩඉරිඟු වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණ වන්නේ වාර්ෂිකව ආනයනය කරන බඩඉරිඟු ප්‍රමාණය අවම කර දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීම බවයි.
ඒ සඳහා සැලසුම් සහගත වගා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය.

වී අස්වැන්න තවදුරටත් වැඩි කිරීමේ සැලසුම් පවතින අතර, ඒ සමඟම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හඳුන්වා දී ඇති අතිරේක භෝග වර්ග වගා කිරීමට ගොවීන් දිරිගැන්වීම රජයේ ප්‍රතිපත්තිය බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

පෝෂණ සහනාධාර යටතේ අතිරේක භෝග සඳහා ද සහාය ලබාදෙන බව පෙන්වා දුන් ඔහු, බඩඉරිඟු වගාව කුකුල් මස් හා බිත්තර කර්මාන්තයේ ප්‍රධාන අමුද්‍රව්‍යයක් වන බැවින්, රටේ ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරාලීමට ද එය අත්‍යවශ්‍ය වන බව වැඩිදුරටත් අවධාරණය කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘Webnews’ Youtube නාලිකාව හරහා නරඹන්න. >>>>>>>>>>>