රාසික් මොහොමඩ් ෆාසිර්ඛාන්.

මම අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ට විරුද්ධව අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කරලා ලබන අවුරුද්දේ මාර්තු වෙනකොට හරියටම අවුරුදු දහයක් වෙනවා. ඊටපස්සේ දෙපාරක්, තුන් පාරක් මම ඇවිල්ලා මගේ පැමිණිල්ල ආයෙත් දීලා ගියා. මේ ගැන අල්ලස් හෝ දූෂණ කොමිසම හොයනවාද? මේ රට සල්ලි විනාශ කරපු රටේ සල්ලි හොරකම් කරපු, මෙයාට විරුද්ධව දැඩි පියවර ගනිවී කියලා අපි මෙච්චර කාලයක් බලාගෙන හිටියා. මෙයා ඇමතිකම් කෙරුවා නිසා මේ පරීක්ෂාව යට වුණා කියලා අපිට සැකයක් තිබුණා. ඒ නිසා මෙයාලා මට කියන උත්තරය තමයි, අපි කරගෙන යනවා කියලා. ඒ නිසා මෙච්චර කල් අපිට තිබිච්ච ආණ්ඩුත් එක්ක විශ්වාසය නැති වුණා. දැන් අලුත් අල්ලස් දූෂණ විරෝධී ආණ්ඩුව මේ හොරු අල්ලනවා. අපි මේ ජනාධිපතිතුමාට ඉල්ලීම් කරනවා වහාම මේක ගැන පරික්ෂා කරන්න නැත්නම් කොමිෂන් පත් කරලා මේ රටේ සල්ලි විනාශ කරපු දේවල් ඔක්කොම පරික්ෂා කරන්න කියලා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>