ස්වභාවික ආපදා සහ මැදපෙරදිග අර්බුදය හමුවේ වුවද ජනතාවට සහන සැලසීමට රජය කටයුතු කරන බව කැබිනට් මාධ්ය ප්රකාශක නලින්ද ජයතිස්ස ප්රකාශ කරන ලදී.
අමාත්යවරයා මේ බව සඳහන් කරන ලද්දේ අද 27 රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවේදීය.
වත්මන් රජය භාරගත්තේ ස්ථාවර ආර්ථිකයක් නොවන බවත්, මේ වන විට ආර්ථිකය ස්ථාවර කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඔහු පැවසීය. මැදපෙරදිග යුදමය තත්ත්වය සහ ලෝක ආර්ථිකයේ අස්ථාවරත්වය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ නැංවීමට සිදුවූ නමුත්, ජනතාවට සහනයක් සැලසීම සඳහා රජය මැදිහත් වී ඇති බවද ඔහු සඳහන් කළේය.
ඉන්ධන සහනාධාරය සඳහා අවස්ථා දෙකකදී රුපියල් බිලියන 98ක්ද, විදුලි බිලට සහන සැලසීම සඳහා රුපියල් බිලියන 17.5ක්ද වෙන් කර ඇති බව අමාත්යවරයා පැවසීය.
තවද, දරුවන් ලක්ෂ 15කට පාසල් පොත්පත් මිලදී ගැනීම සඳහා රුපියල් 6,000 බැගින් ලබාදෙන බවත්, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා රුපියල් බිලියන 500ක් වෙන් කළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.





