‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ, පොලිසිය විසින් ඊයේ (06) දිනයේ මත්ද්‍රව්‍ය වැටලීම් 1021 ක් සිදු කර ඇත.

එම වැටලීම්වලදී සැකකරුවන් 13 දෙනෙකුට රැදවුම් නියෝගද, සැකකරුවන් 1014 ක් අත්අඩංගුවටද, පුද්ගලයින් 06ක් පුනරුත්ථාපනයටද යොමු කළ බව පොලීසිය ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 334 කින් හෙරොයින් ග්‍රෑම් 346 ක්ද , අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 400 ක් අතරින් අයිස් කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 503 ක්ද සොයාගෙන ඇති බවද සඳහන් වේ.

මීට අමතරව, වැටලීම් 225 කින් ගංජා කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 186 ක් හා ගංජා පැළ 21870 ක්ද සොයාගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

අදාළ සම්පූර්ණ වාර්තාව පහතින් දක්වා ඇත.