පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ගැනීමට රුපියල් මිලියන 12,500ක් වෙන් කර ඇති බවට සඳහන් ප්‍රකාශ සම්පූර්ණ අසත්‍යයක් බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඒ අනුව, අයවැය තුළ සඳහන්ව ඇත්තේ පළාත් පාලන ආයතනවලට අවශ්‍ය වාහන, යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම සඳහා වෙන් කර ඇති රුපියල් මිලියන 12,500ක් පිළිබඳව බව පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

ආණ්ඩු පක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් 159ටම වාහන අවශ්‍ය නොවන බව සහ මෙය වැරදියට අර්ථකථනය නොකරන ලෙසද, අවශ්‍ය අයට පමණක් වාහන ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.