දෙමව්පියන් කෙතරම් කාර්යබහුල වුවද දරුවන්ට සවන් දෙමින් ඔවුන්ගේ ලෝකය තේරුම් ගැනීමට උත්සාහ කළ යුතු බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.
ඔක්තෝබර් 11 වැනිදා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය කාර්යාලයීය සුභසාධක සංගමය සංවිධානය කළ ළමා දින සැමරුම් උත්සවය අමතමින් ඇය මේ බව සඳහන් කළාය.
අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන ලද්දේ, වර්තමානයේ දරුවන්ගේ ලෝකය සහ වැඩිහිටියන්ගේ ලෝකය අතර පරතරය පුළුල් වෙමින් පවතින බවත්, තාක්ෂණය සම්බන්ධයෙන් දරුවන් වැඩිහිටියන්ට වඩා වේගයෙන් ඉදිරියට යන බවත්ය.
වෙනස් වන ලෝකයට දරුවන් සූදානම් කරන අතරම, දෙමව්පියන් සහ දරුවන් අතර බැඳීම ශක්තිමත් කරගැනීමත්, විශේෂයෙන්ම නව යොවුන් වියේ දරුවන් සමඟ සන්නිවේදනය පවත්වාගෙන යාමත් වැඩිහිටි පරපුරේ වැදගත් වගකීමක් බව ඇය අවධාරණය කළාය.
දරුවන්ගේ අනාගතය වඩාත් යහපත් කිරීම සඳහා ඔවුන්ගේ අදහස්වලට සවන් දෙමින්, ඔවුන්ගේ දෘෂ්ටිකෝණයෙන් ලෝකය තේරුම් ගැනීමට වැඩිහිටියන් උත්සාහ කළ යුතු බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>

