අවම යෙදවුම් භාවිතයෙන් උපරිම හා ඵලදායී අස්වැන්නක් ලබා ගැනීම සඳහා වන නව පොහොර නිර්දේශ සහ ඉදිරි වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර තොග කළමනාකරණය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (08) දින ගන්නොරුව ජාතික තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
මෙහිදී කෘෂිකාර්මික අමාත්‍ය ලාල් කාන්ත මහතා ප්‍රකාශ කළේ, රට තුළ පොහොර සම්බන්ධයෙන් අසත්‍ය සහ අයතා ප්‍රකාශ ගොඩනගමින් ගොවි ජනතාව අතර ගැටුම් සහ අවිශ්වාසය ඇති කිරීමට ප්‍රතිගාමී බලවේග උත්සාහ කරන බවයි.
යල කන්නයට අවශ්‍ය කරන පොහොර ප්‍රමාණය දැනටමත් රට තුළ තිබෙන අතර මාස් කන්නයට අදාළ පොහොර ගෙන්වා ගැනීම සඳහා අදාළ මැදිහත්වීම් වලට කැබිනට් මණ්ඩලයේ අනුමැතියද ලබා දී ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.
අමාත්‍යවරයා පැවසූයේ, පොහොර සමාගම සහ පෞද්ගලික අංශය මේ වනවිටම මැදිහත්වීම් සිදු කරමින් සිටින අතර විවිධ රටවල් සමග නිල වශයෙන් සාකච්ඡාද පවතින බවයි.
එබැවින් කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට සම්බන්ධවන සැම විශ්වාසනීයව දෙගිඩියාවකින් තොරව කෘෂිකර්මාන්ත කටයුතු හොදින් කරගෙන යාමට මැදිහත් වන ලෙස ඉල්ලීමක්ද සිදුකරමින්,
අමාත්‍ය ලාල් කාන්ත වැඩිදුරටත් ප්‍රකාශ කරන ලද්දේ රට තුළ අසත්‍ය පතුරවන සහ ජනතාව නොමග යවන උත්සාහයන්ට නීතිමය පියවර ගන්නා බවයි.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





