ක්රීඩා පිටි ඇතුළු ක්රීඩා පහසුකම් සංවර්ධනය කිරීමේදී දේශපාලනික වාසි හෝ ඡන්ද අපේක්ෂාවන් නොව, අවශ්යතාව සහ ප්රමුඛතාව පමණක් සලකා කටයුතු කරන බව තරුණ කටයුතු හා ක්රීඩා අමාත්ය සුනිල් ගමගේ මහතා ප්රකාශ කරන ලදී.
මහරගම මධ්ය මහා විද්යාලයේ ක්රීඩා පිටිය සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 8කට ආසන්න මුදලක් වැය කරමින් කටයුතු ආරම්භ කර ඇති බවද අමාත්යවරයා සඳහන් කළේය.
මෙරට ඇතැම් පාසල් ක්රීඩා පිටිවල තත්ත්වය ඉතා දුර්වල බැවින් දරුවන්ට නිසි පහසුකම් යටතේ ක්රීඩා කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බවද ඔහු පෙන්වා දුන්නේය.
තමන්ගේ ගම වන ගාල්ලේ පවා මේ වන විට ක්රීඩා පිටියක් ඉදිකිරීමට කටයුතු කර නොමැති බව සඳහන් කළ අමාත්යවරයා, එය දේශපාලනිකව නොව අවශ්යතාව මත සංවර්ධන කටයුතු සිදුකිරීමේ ප්රතිපත්තියට උදාහරණයක් බව පැවසීය.
පාසලක් හෝ ප්රදේශයක් අනුව දරුවන් වර්ගීකරණය කළ නොහැකි බවත්, සෑම දරුවෙකුටම සමාන ක්රීඩා පහසුකම් හිමිවිය යුතු බවත් සුනිල් ගමගේ මහතා අවධාරණය කළේය.
වසර ගණනාවක් පුරා එකතු වූ ගැටලු එකවර විසඳිය නොහැකි බැවින්, ඒවා ක්රමානුකූලව විසඳීමට රජය කටයුතු කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සම්පූර්ණ ප්රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>




