අධ්‍යාපන ප්‍රතිශංස්කරණ ක්‍රියාත්මක කරන දුර්වල ආණ්ඩුවේ වැඩපිළිවෙළ තුළ 6 ශ්‍රේණියේ ප්‍රතිශංස්කරණ ක්‍රියාත්මක නොකිරීම නිසා දුදරුවන් විශාල පිරිසක් අසරණ වී ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

මෙහිදී එතුමා පවසන ලද්දේ අධ්‍යාපන ප්‍රතිශංස්කරණ නැවැතීමේ වගකීම විපක්ෂය පිට පැටවීමට රජය උත්සාහ කළත් එම ප්‍රතිශංස්කරණ ක්‍රියාත්මක වීම නැවැත්වූයේ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය බවත් මේ අවස්ථාවේ ලක්ෂ සංඛ්‍යාත දෙමාපියන් දූදරුවන් 6 වසරේ ප්‍රතිශංස්කරණ අපේක්ෂාවෙන් සිටියත් රජය එය කල් දැමීම නිසා මොවුන්ගේ බලාපොරොත්තු සුන් වී ඇති බවයි.

එබැවින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥයන් සමග සාකච්ඡා කර අසභ්‍ය දේවල් ඉවත් කර නැවත වරක් කඩිනමින් නිවැරදිව මේ වසරේම ප්‍රතිශංස්කරණ ක්‍රියාත්මක කරන ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරන ලදී.

එසේම එතුමා වැඩිදුරටත් අවධාරණය කරන ලද්දේ අධ්‍යාපන ක්⁣ෂේත්‍රය ගැන ප්‍රවීණයන් සිටින බවත් මේ අය සමඟ සාකච්ඡා කර ප්‍රගතිශීලි තීන්දුවක් ගන්නා ලෙස යෝජනා කරන බවත් විධිමත් සාකච්ඡාවක් සිදු කරන්නේ නම් විපක්ෂයේ ද අදහස් ඉදිරිපත් කිරීමට කැමති බවත් මේ ප්‍රතිශංස්කරණ නිවැරදි ලෙස ක්‍රියාත්මක කරන්න සහයෝගය ලබා දීමට කැමති බවත්ය.