අඟුරුවාතොට ප්‍රදේශයේ පවත්වාගෙන ගිය රැදවුම් නිවාසයක ගින්නක් ඇතිවීම සම්බන්ධයෙන් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා ප්‍රකාශ කළේ, එය නීත්‍යානුකූලව ලියාපදිංචි නොවූ වැඩිහිටියන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානයක් බවයි.
ඔහු පැහැදිලි කරන ලද්දේ ලංකාවේ නීතිය අනුව කිසියම් ආයතනයක් හෝ පුද්ගලයෙක් වැඩිහිටියන් පස් දෙනෙකුට වඩා රඳවා තබනවා නම් අනිවාර්යයෙන්ම ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ ලියාපදිංචි විය යුතු බවත්, නමුත් මෙම ස්ථානය එම නීතිය උල්ලංඝනය කරමින් පවත්වාගෙන ගිය බවත්ය.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට වාර්තා කර ඇති අතර, අධිකරණ ක්‍රියාමාර්ග දැනටමත් ආරම්භ කර ඇති බවයි.
මෙවැනි නීත්‍යානුකූල නොවන රැඳුම් මධ්‍යස්ථානවලට පුද්ගලයන් රඳවා තබා ගැනීම වැරදි බවත්, තමන්ගේ දෙමව්පියන් සහ පවුලේ වැඩිහිටියන් රැකබලා ගැනීම පවුලේ සාමාජිකයන්ගේ වගකීම බවත් ඔහු අවධාරණය කළේය.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, පවුලේ සාම්ප්‍රදායික සහ සංස්කෘතික වගකීම අනුව වැඩිහිටියන් රැකබලා ගැනීම පවුලේ අය විසින් සිදු කළ යුතු බවත්, එය නොහැකි නම් රජය විසින් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග හරහා සහය ලබා දීමට සූදානම් බවත්ය.





