පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ ප්‍රකාශ කරන ලද්දේ, විපක්ෂය විසින් සංවිධානය කරන විරෝධතා සත්‍ය අරමුණක් නොව, තමන්ගේම හොරකම් සඟවාගැනීමට සහ අනිත් අයගේ මත ගාන්නට උත්සාහ කරන ක්‍රියාවලියක් බවයි.
ඔහු පවසා සිටිනුයේ එම ක්‍රියාවලීන් රට උදෙසා ආදරයෙන් සිදුකරන සත්‍ය විරෝධතා නොව, සාවද්‍ය චෝදනා පදනම් කරගත් උත්සාහයන් බවයි.

මන්ත්‍රීවරයා තවදුරටත් අවධාරණය කරන ලද්දේ, වත්මන් ආණ්ඩුව මහා භාණ්ඩාගාරය සහ රාජ්‍ය මුදල් ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියක් යටතේ ක්‍රියාත්මක වන බවයි.
යම් කිසි ස්ථානයක රාජ්‍ය මුදල් සම්බන්ධ ගැටළුවක් මතු වුවහොත්, නිවැරදි විමර්ශනයක් කරමින් අලාභය හෝ පාඩුව සම්බන්ධ පාර්ශ්වයන්ගෙන් අය කර ගැනීම රජයේ වගකීම බවද ඔහු පැවසීය.

එසේම වත්මන් ආණ්ඩුව නව දේශපාලන සංස්කෘතියක් ගොඩනගා ඇති අතර, හොරකම්, දූෂණය සහ නාස්තිය පිටු දකින ආකාරයෙන් රටේ මුදල් ජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් සිදු කරන වගද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>