රුපියල් කෝටි 1110ක් වටින මත්ද්‍රව්‍ය තොගයක් අත්අරංගුවට ගත් භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් වහාම පොලිස්පතිවරයා සහ මහානායක මහමියන් වහන්සේලා සෘජුව සම්බන්ධ කරගෙන විමර්ශනයක් සිදු කළ යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි ප්‍රකාශ කරන ලදී.

උන්වහන්සේ අවධාරණය කරන ලද්දේ, චෝදනා සම්බන්ධයෙන් වැරදි කරුවන් සොයාගැනීම පහසු බවත්, ඔවුන් වැරදි කරුවන් නම් ප්‍රසිද්ධියේ සිවුරෙන් ඉවත් කළ යුතු බවත්ය.
එනමුත් සංඝාධිකරණයට එවැනි බලයක් නොමැති බැවින්, 1931 විහාර දේවාලගම් පනතේ වගන්ති සංශෝධනය කරමින් නීතිමය බලය ලබාදිය යුතු බවද පැවසීය.

ඕමල්පේ සෝභිත හිමි තවදුරටත් කියා සිටියේ, සිවුරට නුසුදුසු අශාසනික කටයුතු සිදු කරන අසංවර භික්ෂූන් වහන්සේලා සමාජයෙන් ඉවත් කිරීමට ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය බවයි.
මෙම සිද්ධිය අමතක කළ යුතු දෙයක් නොව, වහාම විසඳුම් සපයමින් අනාගතයේදී මෙවැනි සිදුවීම් නැවත සිදු නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු බවද උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>