මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රකාශ කරන ලද්දේ, ‘දිට්වා’ සුළිකුණාටුව සිදු වූ අවස්ථාවේදී ආණ්ඩුව පළමුවෙන්ම පාර්ලිමේන්තු අනුමැතිය යටතේ රුපියල් බිලියන 500ක පරිපූර්ක ඇස්තමේන්තුවක් වෙන් කළ බවයි.
ඔහු පැවසූයේ, අලුතින් මුදල් මුද්‍රණය නොකර, දැනට තිබූ ඉතිරි මුදල් යොදාගත් බවත්, එය ආර්ථිකයට අමතර බලපෑමක් නොවූ බවත්ය.

ඉදිරියේදී අරමුදල් රැස් කිරීම සඳහා “Rebuilding Sri Lanka Fund” කමිටුවක් පත් කර ඇති අතර, 2026 අප්‍රේල් මස 24 වන දිනට රුපියල් මිලියන 9583ක් ජනතාව විසින් තැන්පත් කර ඇති බවද ඔහු සඳහන් කරන ලදී.

අමාත්‍යවරයා තවදුරටත් පැවසූයේ, මෙම අරමුදලේ සියලු මුදල් මහා භාණ්ඩාගාරය යටතේ සුරක්ෂිතව ගිණුම්ගත කර ඇති අතර, කිසිදු අවිතාවක් හෝ වෙනත් තැනකට මාරු කර නොමැති බවයි.
එසේම වියදම් සිදු කරන්නේ පාර්ලිමේන්තු අනුමැතිය සහ නීතිමය සීමා යටතේ පමණක් බවද ඔහු අවධාරණය කරන ලදී.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>