2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාද එක්ව සිටියේය.
ආර්ථිකය ස්ථාවර කිරීමේ ඉලක්කයෙන් ඔබ්බට ගොස්, ආර්ථික ප්‍රසාරණය සහ පරිවර්තනීය සංවර්ධනය ඉලක්ක කරගත් රුපියල් බිලියන 2,000ක ප්‍රාග්ධන ප්‍රතිපාදන මෙම 2027 අයවැය ලේඛනයට ඇතුළත් වේ.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම 2027 වසර සඳහා වන අයවැය කථාව හෙට (12) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
