වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති ටෝ ලාම් මහතා එළඹෙන මැයි 07 වනදා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර, මැයි 08 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමටද නියමිතය.

එදින පෙරවරු 11.05ට පමණ පාර්ලිමේන්තුවට පැමිණෙන ජනාධිපතිවරයා, එහිදී විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

මෙම ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරය මඟින් ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් නව සහයෝගීතා අවස්ථා රැසකට මඟ පෑදෙනු ඇති බවද අපේක්ෂා කෙරේ.