”ධනය , බලය, දේශපාලන හිතවත්කම් මත ප්රතිලාභ වරප්‍රසාද ලබා දුන් ඉතිහාය දැන් අවසන් කර තිබෙනවා. ඉතිහාසය මතක් කරන්න ඕනේ, ඒවා යලි ඇති නොවිම සදහායි, අපි ජනතාවට වග කියන රජයක් ලෙස සංවර්ධන ප්රතිලාභ ලබා දෙන්නේ බදු ගෙවන ජානතාවටයි. ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමේදී හා ප්රතිලාභ ලබාදිමේදී දේශපාලනය ආදාළ කරගන්නේ නැහැ.”
නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා විසින් මෙසේ අදහස් පල කරන ලද්දේ කොළඹ 07 ටොරිංටන් මාවත නිවාස සංකීර්ණයේ ඉදිකිරිම් කටයුතු නිළ වශයෙන් ආරම්භ කිරිමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.
වසර 14 කට පෙර මේ ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු ආරම්භ කලත් අවස්ථා 03ක දී, අතර මග නවතා දමා අතහැර තිබු නිවාස ඒකක 115 කින් යුත් ටොරින්ටන් මහල් නිවාස සංකීර්ණයේ වැඩ නැවත ආරම්භ කිරීම ඊයේ (29) දින සිදුවිය.
මෙහිදී අමාත්‍ය එරංග ගුණසේකර ජනතාවට ප්‍රකාශ කරන ලද්දේ පසුගිය පාලන යුගවල දේශපාල,ආර්ථික වංචා දූෂණ නිසා රටේ ජනතාවට ලැබිය යුතුව තිබු ප්රතිලාභ රැසක් අහිමි වූ නමුත් රටේ ප්‍රගතශිලි ජනතාව පත් කරගත් මාලිමා ආණ්ඩුව යටතේ රටේ දරුවන්ගේ ජිවිත නගා සිටුවීමට වගකිමක් ඇති බවත් ජන වරමට වග කියමින් රට මෙහෙයවන බැවින් කිසිදු ව්‍යාපෘතියක් ගැන සැක සංකා තියා නොගන්නා ලෙසයි.







