දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් විසින් පැය 48ක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබුණද, සේවකයන්ගේ කැපවීම හේතුවෙන් දුම්රිය ගමන්වාර විශාල ප්‍රමාණයක් ධාවනය කිරීමට හැකි වූ බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කරන ලදී.
ඔහු සඳහන් කරන ලද්දේ සාමාන්‍යයෙන් දිනකට දුම්රිය ගමන්වාර 250කට ආසන්න සංඛ්‍යාවක් ධාවනය වන අතර, වැඩවර්ජනය පැවති පළමු දිනයේදී ගමන්වාර 187ක් පමණ ධාවනය කිරීමට හැකි වූ බවත් දෙවැනි දිනයේදී එයටත් වඩා වඩා වැඩි දුම්රිය ප්‍රමාණයක් ධාවනය කිරීමට හැකි වූ බවය.
යාල්දේවි සහ ශීඝ්‍රගාමී දුම්රිය ඇතුළු දුම්රිය කිහිපයක්ද දෙවැනි දිනයේ ධාවනය කිරීමට හැකි වූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
දුම්රිය එන්ජින් රියදුරන්, දුම්රිය ස්ථානාධිපතිවරුන්, නියාමකවරුන් සහ පාලකවරුන් ඇතුළු සේවකයන් පිරිසක් වැඩවර්ජනයට එක් නොවී ජනතාවට ප්‍රවාහන සේවය ලබාදීමට කැපවීමෙන් කටයුතු කළ බවද,
සමහර නිලධාරීන් පැය 24ත් 36ත් අතර කාලයක් නිදිවර්ජිතව සේවය කළ බවද ප්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





