රුසියානු සහ යුක්රේන නියෝජිතයන් ඇමෙරිකානු මැදිහත්වීමෙන් නොවැම්බර් 10 සහ 11 දිනවල අබුඩාබිහිදී සාකච්ඡා පැවැත්වීමට නියමිතය. යුක්රේන නිලධාරීන්ට අනුව ආරම්භක සාකච්ඡා ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 12ට පමණ සැලසුම් කර තිබේ.

යුරෝපා රටවල නියෝජිතයන්ද එහි පැමිණීමට නියමිත නමුත් ඔවුන් සෘජුව සාකච්ඡාවලට එක්වීමට රුසියාව විරුද්ධය. සාකච්ඡාවල ප්‍රගතිය ගැන යුක්රේන නියෝජිතයන් යුරෝපා හවුල්කරුවන් සමඟ වෙනම අදහස් හුවමාරු කරගැනීමට සැලසුම් කර ඇත.

ඩොන්බාස් කලාපයේ භූමි අයිතිය ප්‍රධාන මතභේදයක් ලෙස පවතී. සාකච්ඡා සැලසුම් කර තිබුණද සටන් විරාමයක් හෝ අවසන් සාම එකඟතාවක් ප්‍රකාශයට පත්ව නැත.