රුවන්වැලිසෑ පූජා භූමිය ආශ්රිතව කෝවිල් ඉදිකිරීමක් හෝ බැතිමතුන්ගේ වන්දනාමාන කටයුතුවලට බාධා වන කිසිදු සැලසුමක් ඉදිරිපත් කර නොමැති බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ප්රකාශ කරන ලදී.
දෙපාර්තමේන්තුව විසින් මෙම වසරේ පෙබරවාරි මාසයේදී අදාළ ගැසට් පත්රය ප්රකාශයට පත් කරන ලද්දේ අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහන්වල දිගුවක් ලෙස බවද ඔහු සඳහන් කළේය. එසේම ගැසට් පත්රය සම්බන්ධයෙන් එල්ල වන විවේචනවලට පදනමක් නොමැති බව දෙපාර්තමේන්තුවේ ස්ථාවරය බවද ඔහු පැවසීය.
අධ්යක්ෂ ජනරාල්වරයා පැහැදිලි කරන ලද්දේ රුවන්වැලිසෑය අවට දැනටමත් මීටර් 500කට වැඩි දුරකින් ආරක්ෂිත වැටක් ඉදිකර ඇති බවත්, පුරාවිද්යා භූමියට ගවයන් ඇතුළු සතුන්ගෙන් සිදුවන හානි වැළැක්වීම එහි අරමුණ බවත්ය.
එම ආරක්ෂාව තවදුරටත් වැඩිදියුණු කරමින් වැට ආශ්රිතව ශාක ආවරණයක් යෙදීමට අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සම්පූර්ණ ප්රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





